ප්‍රශ්න අසන සර්පයෙක් (වීඩියෝ)

පෙබ 11, 2019

    සැකකරුවෙකු භීතියට පත් කිරීමට සර්පයෙකු යොදා ගැනීමේ සිද්ධියක් ඉන්දුනීසියාවෙන් වාර්තාවේ. 

    පොලිස් ප්‍රශ්න කිරීම සඳහා සැකකරු බිය වැද්දීමට සර්පයෙකු යොදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලීසිය සමාව අයැද සිටී. එහෙත් එම සිදුවීම සාධාරණීකරනය කරමින් ඉන්දුනීසියානු පොලීසිය කියා සිටියේ අදාළ සර්පයා හීලෑ හා විෂ රහිත එකෙකු බවයි. පැපුවා ප්‍රදේශයේ වෙසෙන අදාළ සැකකරු චෝදනා ලැබ ඇත්තේ, ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධයෙනි.

    මෙම ක්‍රියාව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 19:54

    Latest News