බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා එළඹෙන 19 සිට ලිහිල් කෙරේ

ජූලි 14, 2021

    බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා එළඹෙන 19 වැනිදා ලිහිල් කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ කියා සිටියා.

    ඒ අනුව මෙතෙක් පැවති සියලුම නීතිමය සීමාවන් ඉවත්ව යනු ඇති. වසංගතයේ අවසානයක් තවමත් නොපෙනෙන බැවින් දැඩි අවධානය ක්‍රියා කළ යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ. සීමාවන් ලිහිල් කළ ද ලන්ඩනයේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුව ආවරණ පැළඳිය යුතු බව බලධාරීන් පවසනවා. මුව ආවරණ පැළඳීම වැනි නීති මුළුමනින්ම ඉවත් කිරීමෙන් ප්‍රවාහන සේවා භාවිත කරන්නන් අවදානමකට ලක් කිරීමට තමන් සූදානම් නැති බවයි ලන්ඩන් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    Latest News