ඉන්දියාවේ දෛනික ආසාදිතයන් හා මරණ ගණන අද යළිත් ඉහළට... 

මැයි 26, 2021

    ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ ගණන අද යළිත් ඉහළ ගියේය.

    විශේෂයෙන් කොරෝනා මරණ සංඛ්‍යාව යළි හාර දහසේ සීමාව ඉක්මවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් ලෙස සලකනු ලබයි. දකුණු දිග ප්‍රාන්තවල කොරෝනා තර්ජනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක්, එනම් 34285 ක් වාර්තා වූයේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්.

    සමස්ත ආසාදිතයන්ගෙන් 16%ක් තමිල්නාඩුවෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. කෙසේ වෙතත් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 1137ක් වාර්තා වූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. කොරෝනා තර්ජන ඉහළ යාමත් සමඟ තමිල්නාඩුවේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති අතර, මුල් පෙළේ කර්මාන්ත ශාලා ද වසා දමනු ලැබීය. ප්‍රකට යතුරු පැදි නිෂ්පාදනාගාරයක් ද ඒ අතර වේ.

    Latest News