ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන බරපතල අර්බුදයක

මැයි 15, 2021

    ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි, එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    බහුතරයක් ප්‍රදේශවලට එන්නත් බෙදා හැරීමේ ගැටලු ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට ලැබුණු එන්නත් ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු ද මීට බලපා තිබේ. ඉන්දීය ආසාදිතයින්ගෙන් 85%ක්ම වාර්තා වන්නේ, ප්‍රාන්ත 10කින්. තවත් ප්‍රාන්ත 24කින් වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රතිශතය 15%ක්. බොහොමයක් ප්‍රාන්ත ග්‍රාමීය හා සංවර්ධනය නොවූ ප්‍රාන්තයි.

    කෙසේ වුවද, බහුතරයක් ප්‍රාන්තවලට වෛරසය පැතිර ගියහොත් වත්මන් තත්වයට වඩා එය බරපතල වන බවයි, ඉන්දියානු බලධාරීන් පවසන්නේ. එරට දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නයි. මරණ සංඛ්‍යාව හාර දහසක්. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙකෝටි හතළිස් තුන් ලක්ෂයක්.

    සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැට හය දහසකට අධිකයි. ඉන්දියාවේ ගංගා නම් නදියේ හා ඉවුරු ප්‍රදේශයේන අත්හල මළ සිරුරු තවමත් හමුවෙයි. වෛරසය තවදුරටත් පැතිරයාමට මෙම ක්‍රියාවලිය ද තවත් සාධකයක්. වසංගත වැඩපිළිවෙළේ අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි, එරට අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කළේය. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රාන්තවලට ලබාදී ඇති ශ්වසනාධාරක යන්ත්‍ර පිළිබඳව වහාම විගණනයක් සිදුකරන ලෙසයි.

    Latest News