චීනය; රෝවරය රැගත් යානය අඟහරු වෙතට සාර්ථකව ගොඩ බස්සයි....

මැයි 15, 2021

    චීනය, අඟහරු වෙත යවා තිබූ රෝවරය රැගත් යානය මීට පැය කිහිපයකට පෙර අඟහරු වෙතට සාර්ථකව ගොඩ බස්සවා තිබේ.

    “ෂුරොන්ග්“ ලෙස නම් කර ඇති රෝවරය චීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ රොබෝ රථයයි. 2020 වසරේ ජූලි මස 23 වැනිදා චීනය දියත් කළ “ලෝන්ග් මාර්ච්-5“ නමැති රොකට්ටුව මගින් රෝවරය පෘථිවියේ සිට රැගෙන එනු ලැබීය.

    එහි සාර්ථක ගමන් වාරය අවසන් කරමින් රෝවරය අද අඟහරු ග්‍රහයා වෙත නිරුපද්‍රිතව ගොඩ බස්සවා තිබේ. 2020 වසරේ ජුලි 30 වැනි දින අමෙරිකාව දියත් කළ අඟහරු ගවේෂණ යානය මේ වනවිට ප්‍රසවරන්ස් නමැති අමෙරිකානු රෝවරය අඟහරු ග්‍රහයා වෙත සාර්ථකව ගොඩ බස්වනු ලැබීය.

    මේ හේතුවෙන් රටවල් දෙක අතර අඟහරු ගවේෂණ කටයුතු තරඟකාරිත්වයක් ගෙන ඇති බව විශ්ලේෂකයින් පවසයි. 1960 වසරේ සිට සෝවියට් රුසියාව, අමෙරිකාව, ජපානය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව රුසියාව යන රටවල් අඟහරු ගවේෂණ මෙහෙයුම් දියත් කර තිබේ.

    බෙහෝ මෙහෙයුම් අඟහරු පරීක්‍ෂණ චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමට පමණක් සමත් වුවද, අමෙරිකාව සාර්ථකව අඟහරු මතට රෝවරයක් යැවීමට හා එහි දත්ත ලබාගැනීමට ද සමත්විය. චීනය අද සාර්ථකව අඟහරු වෙතට රෝවරයක් ගොඩ බැස්වීමෙන් අනතුරුව අඟහරු වෙත සාර්ථකව රෝවරයක් ගොඩබැස්සවීමට සමත් වූ දෙවන රට බවට එරට පත්ව තිබේ.

    Latest News