ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රා තොගය අප්‍රේල් පළමු සති දෙක තුල දිවයිනට

මාර් 27, 2021

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත් තොගයක් අප්‍රේල් මස පළමු සති දෙක ඇතුළත මෙරටට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 බැගින් ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    මේ අතර ඊයේ දිනයේද තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 558ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 91,561ක්.

    ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 272ක් හඳුනා ගැනිණ. කෙසේවෙතත් ඔවුන්ගෙන් 88,145ක්ම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

    Latest News