Johnson & Johnson එන්නතට තිබූ තහනම ඉවතට

අප්‍රේ 24, 2021

    ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත සඳහා දින 11ක් පුරා පනවා තිබූ තහනම ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගත්තේය.

    ඒ එම එන්නත ආරක්ෂිත බව එරට ඖෂධ අධිකාරිය තීරණය කිරීමත් සමගයි.

    එන්නත ලබාදුන් රෝගීන් අසූ ලක්ෂයකින් තිදෙනෙක් ලේ කැටි ගැසීම නිසා මියගොස් තිබේ.

    යුරෝපයේ සහ අමෙරිකාවේ එන්නත තහනම් කිරීමට හේතු වූයේ එම තත්වයයි. එහෙත්, යුරෝපා බලධාරීන් ඉතා ඉක්මණින් එන්නතේ තහනම ඉවත් කළේය.

    අමෙරිකාව ද එම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූයේ ඉන් පසුවයි.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 12:20

    Latest News