ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ඉහළට

අප්‍රේ 22, 2021

    ඉන්දියාවෙන් ඊයේ තුන් ලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

    තුන් ලක්ෂ 15,802ක් වූ එම පිරිස එරටින් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

    ඉන්දියාවේ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන තිබේ.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ඉකුත් පැය 24 තුළ එරට කොරෝනා මරණ 2000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවයි. ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි පනස් නව ලක්ෂ 24,000 ඉක්මවාගොස් ඇති අතර, මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 84,00 කට අධිකයි.

    කොරෝනා ප්‍රබල ලෙස බලපා ඇති රටවල් අතර ලොව දෙවනුවට වසංගතය උග්‍රවෙමින් පවතින රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි.

    කොරෝනා ගෝලීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ වන විට දාහතර කෝටි හතළිස් හතර ලක්ෂ 25,000 ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා රටවලින් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් අට ලක්ෂ 80,000 කට අධික පිරිසක් පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වන විට කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව 14,000 කට අධිකයි. ලොව මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව තිස් ලක්ෂ 71,000 ඉක්ම වන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 12:10

    Latest News