දෙවන එළිසබත් රැජිණගේ සැමියා වන පිලිප් කුමරු මියයයි

අප්‍රේ 09, 2021

    බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් රැජිණගේ සැමියා වන පිලිප් කුමරු මිය ගිය බව බ්‍රිතාන්‍ය බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත.

    එඩිම්බරෝ ආදිපාදවරයා ලෙස විරුදාවලිය ලත් පිලිප් කුමරු මියයන විට 99 හැවිරිදි වියේ පසු විය. 1947 දෙවන එළිසබත් රැජිණ සමග විවාහ වන පිලිප් කුමරු වසර 73 ක් ඇය සමග සාර්ථක යුග ජීවිතයක් ගත කළහ.

    දරුවන් සිව් දෙනක් ද මුණුබුරු, මිණිබිරියන් 08 දෙනක් ද මීමුණුබුරු මිණිබිරියන් 10 දෙනෙක් දැකීමට ද ඔහු වාසනාවන්ත විය. කෙසේ වෙතත් පිලිප් කුමරුගේ අවසන් කටයුතු පිළිබඳ තවමත් දින තීරණය වී නොමැත.

    Latest News