'සූවර් ඇළ' අවහිර වීමෙන් ගෝලීය වෙළඳාමට දැඩි බලපෑම්

මාර් 27, 2021

    ආසියානු හා යුරෝපා කලාපවලට භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන නැව් මාර්ගය වන සූවස් ඇළ තවමත් අවහිරව පවතියි.

    ගෝලීය වෙළෙඳාම් සඳහා දැඩි බලපෑම් සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.

    මීටර් 400ක දිගින් යුත් එම්.වී.එවර් ගිවන් නම් නෞකාව සුවස් ඇළේ හරස් අතට සිර වූයේ පසුගිය අගහරුවාදායි. පැවති දැඩි සුළඟ හා වැලි කුණාටු නිසා නෞකාවේ ගමන් දිශාව වෙනස් වී මඩ අතර සිරවී ඇති බවයි නාවික බලධාරීන් ප්‍රකාශ කළේ.

    මේ හේතුවෙන් භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා 206කට වැඩි සංඛ්‍යාවක් ඇළ මාර්ගයේ නැංගුරම් දමා තිබේ. ඒවා නැවත හරවා ගැනීමට නොහැකිව පවතින අතර විකල්ප මාර්ග භාවිත කළ ද ඊට දින 10කට වැඩි කාලයක් ගත වන බවයි, බලධාරීන් පවසන්නේ.

    ආනයන,අපනයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් ඇතැම් රටවල විවිධ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලාබ ගැනීමේ ප්‍රමාදයක් ඇතිවී තිබේ.

    එවර් ගිවන් නෞකාව ඉවත් කිරීමට අමෙරිකාව හා විදේශ රටවල් කිහිපයක් තම තාක්ෂණික සහය ලබා දෙමින් සිටියි.

    ඇළ මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට තවත් සතියක කාලයක් ගත වන බවයි බලධාරීන් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 11:19

    Latest News