සචින් තෙන්ඩුල්කාර් ට කොරෝනා

මාර් 27, 2021

    හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    තමන්ට ඇතිවූ මද අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පරික්ෂා කිරීමේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ.

    දැනට වෛද්‍ය උපදෙස් අනුව නිවෙස් නිරෝධායනයේ පසුවන බවත් නිවසේ අනෙකුත් අයට වෛරසය ආසාදනය වී නොමැති බවටද සචින් තෙන්ඩුල්කාර් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    පසුදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවුයේ ද සචින් තෙන්ඩුල්කාර්ය.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 11:26

    Latest News