කොරෝනා මාත්‍රා බිලියනයක් ආසියාතික රටවලට

මාර් 13, 2021

    අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල නායකයින් 2022 වසර වනවිට කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් ආසියාතික රටවල් සඳහා ලබාදීමට එකඟ වී තිබේ. 

    රටවල් හතරකින් යුත් “ක්වාඩ්“ කණ්ඩායමට අයත් රටවල නායකයින්ගේ ප්‍රථම සම්මේලනයේදී මෙම එකඟතාවට පැමිණියේය. සම්මේලනය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඊයේ පැවැත්විණ. තනි මාත්‍රාවක් පමණක් එන්නත් කිරීමට හැකිවන ලෙස නිපදවා ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඉදිරියේදී ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබේ.

    එමගින් ආසියාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් වේගවත් කිරීමට නායකයින් උත්සාහ දරන බව වාර්තාවේ.

    Latest News