කොරෝනා සඳහා එක්වරකින් පමණක් දෙන නව එන්තක්

පෙබ 25, 2021

    කොරෝනා වෛරසය සඳහා ජැන්සන්‌ සමාගමේ ජොන්සන්‌ ඇන්ඩි ජොන්සන්‌ එන්නත එලදායී හා ආරක්‍ෂික එකක්‌ බවට අමෙරිකානු ඖෂධ නියාමකයින්‌ ප්‍රකාශ කර තිබෙනවා.

    එම එන්නතේ ප්‍රධානතම විශේෂත්වයක්‌ වන්නේ, එක්‌ එන්නත්‌ වාරයකින්ම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීමයි. ගෝලීය වශයෙන්‌ දැනට භාවිත කෙරෙන ෆයිසර්‌ හා මොඩනා යන එන්නත්‌ සම්පූර්ණ එන්නත්කරණය සිදු කෙරෙන්නේ, වාර දෙදකින්. ජොන්සන්‌ ඇන්ඩි ජොන්සන්‌ එන්නත එක්වරක් පමණක් ලබාදීමෙන් ම සාර්ථක ප්‍රතිඵල හිමි වන බවට පරීක්ෂණ මට්ටමින් තහවුරු වී තිබෙනවා.

    බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් සමාගම සිය ඖෂධ නිෂ්පාදනය කරන්නේ, ‍ජොන්සන් ඇන්ඩ ජොන්සන් නමින්.

    කොරෝනා මැඩලීමට නිෂ්පාදනය කර ඇති මෙම එන්නත අමරිකාව විසින් ආරකෂිත හා ඵලදායී බවට තහවුරු කරන ලද තෙවැනි එන්නතයි. මෙය සාමාන්‍ය ශීතකරණයක් තුළ ගබඩා කර තැබීමේ හැකියාව පවතින බැවින්, ඉදිරියේ දී ෆයිසර් හා මොඩනා යන එන්නත් වෙනුවට ලාභදායී විකල්පයක් බවට පත් වනු ඇති බව අමෙරිකානු ඖෂධ නියාමකයින් පවසනවා.

    Latest News