වුහාන් හී නව කොරෝනා වෛරසය පැතිරීම සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව හෙළි වේ

පෙබ 10, 2021

    2019 දෙසැම්බරයට පෙර වුහාන් හි නව කොරොනා වෛරසය පැතිරීම සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව චීනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායම පවසයි.

    2019 වසරේ අග භාගයේ වුහාන් නගරයේ හඳුනා නොගත් නව කොරොනා නියුමෝනියා වෛරස් චක්‍රයක් නොතිබුණ බව, චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

    නව කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ පර්යේෂණයක නිරත චීනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායම ඊයේ (9) වුහාන් හිදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

    එම හමුවේදී චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නව කොරෝනා වසංගත පාලන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී සහ ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායමේ චීන ප්‍රධානී ලියාං වන් නියන් මහතා ඒ බව ප්‍රකාශ කළේය.

    2019 වසරේ අග භාගයේ හු බෙයි පළාතේ මුල් සාම්පල 4,500 කට වඩා වැඩි ප්‍රමාණයක් තුළ අදාළ සොයාගැනීම් නොමැති බවත්, 2019 වසරේ දෙසැම්බර් මාසය වනවිට වුහාන් නගරයේ වැසියන් අතර යම් මට්ටමක ආසාදන සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායමේ විදේශ ප්‍රධානී සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර සුරක්ෂිතතා විශේෂඥ පීටර් බෙන් එම්බරෙක් මහතා පැවසුවේ, වුහාන් නගරයේ මතු වූ වසංගතයේ මුලදී වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදන ඇති වීමට ඉඩක් නොතිබුණ අතර සෙසු සතුන්ගෙන් ආසාදනය විය හැකි බවයි.

    රසායනාගාරයක අනතුරකින් වෛරසය ඇතිවූවක් වීම සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ඔහු කියා සිටියේය.

    ඇත්ත වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරොනා වෛරසයේ සාම්පල ලබා ගන්නේ චීනයෙන් පමණක් නොව, සමස්ත ලෝකයම ආවරණය කරනු ඇති බව, පීටර් බෙන් එම්බරෙක් මහතා අවධාරණය කළේය.

    Latest News