සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට චීනයෙන් කොරෝනා මර්දන එන්නත් ආධාර

පෙබ 10, 2021

    සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට චීනය කොරෝනා මර්දන එන්නත් ආධාර ලබා දෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පසුගියදා පැවති දෛනික මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    තවත් රටවල් 22කට අඛණ්ඩව චීනයේ එන්නත් අපනයනය සිදු කෙරේ.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නියෝගයකට අනුව, චීනය අදාළ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී.

    එන්නත් පර්යේෂණය කර භාවිතයට එක්වීමෙන් පසු එය ගෝලීය පොදු නිෂ්පාදනයක් ලෙස සලකමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ එන්නත්කරණය හා පිරිවැය දැරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට චීනය කටයුතු කරයි.

    ලෝක සෞඛ්ය සංවිධානයේ කොර‌ෝනා ඒඒන්නතේ  ක්‍රියාකාරී සැලැස්මට සක්‍රීය ලෙස එක් වෙමින්, චීනය සංවර්ධන වෙමින් පවතින රටවල් වෙනුවෙන් එම සැලැස්මට එන්නත් මිලියන 10ක් ලබා දීමට තීරණය කර ඇත.

    අදාළ රටවල් සමග විවිධාකාර එන්නත් සහයෝගිතා චීනය අඛණ්ඩව පවත්වනු ඇත.

    අදාළ අවශ්‍යතාවන්ට අනුව චීනය හැකි තරම් අනුබල දෙන බව හෙතෙම අවධාරණය කළේය.

    වාර්තා කිරීම - මෝතිලාල් හිස්සැල්ල 

    චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News