යපස් වේල්ල කැඩී 300ක් අතුරුදන් (වීඩියෝ)

ජන 26, 2019

    බ්‍රසීලයේ ගිණිකොන දිග ප්‍රදේශයේ වේල්ලක් කැඩීයාමෙන් 300ක පමණ පිරිසක් අතුරුදන්වී තිබේ. එරට වේලාවෙන් ඊයේ(25) ප.ව. 1ට පමණ මෙම අනතුරු සිදු වී ඇත.

    බෘමඩින්හෝ (Brumadinho) ප්‍රදේශයේ යපස් කැනීම් පතලක සේවකයන් පිරිසක් මේ අනතුරට මුහුණ දී ඇත. වේල්ල අසල සේවකයන් ආහාර ගනිමින් සිටින අවස්ථාවක මේ අනතුර සිදු වී ඇති අතර එම ආපනශාලාවද විනාශ වී තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ මෙම අනතුරින් දිවිගලවාගත් අය සොයා ගැනීම ඉතා අසීරු වනු ඇති බවයි. මේ වනවිට සිරුරු 9ක් සොයා ගෙන ඇත.

    මෙම පතලට ගලාඑන ජලය නැවැත්වීම සඳහා මේ වේල්ල ඉදිකොට ඇති අතර වේල්ල කැඩී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    මීට තෙවසරකට පෙර මෙම මිනාස් ගෙරයිස් (Minas Gerais) ප්‍රන්තයේම සිදුවූ අනතුරකින් 19 දෙනෙකු මිය යාම එරට සිදූ වූ දරුණුතම ස්වභාවික අනතුර ලෙස සැලකේ.

    BrazilDam8

    BrazilDam2

    BrazilDam3

    BrazilDam3

    BrazilDam4

    BrazilDam5

    BrazilDam6

    BrazilDam7

     

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:51

    Latest News