රුසියාවේ වැලැඩ්මියර් පුටින්ට එරෙහි උද්ඝෝෂණ රටපුරාම

ජන 24, 2021

    රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට සහයෝගය දක්වමින් උද්ඝෝෂණවල නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියා කළා.

    ඇලෙක්සි නවාල්නි රුසියා ජනාධිපති වැලැඩ්මියර් පුටින් නිරන්තරයෙන් විවේචනයට ලක්කරන විපක්ෂ දේශපාලනඥයෙකු වනවා.

    බර්ලිනයේ සිට රුසියාවේ මොස්කව් වෙත පැමිණි ඔහු පසුගිය ඉරිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියා ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කිරීම හේතුවෙන්.

    ඔහු රුසියා ජනාධිපතිවරයාගේ පෞද්ගලික වත්කම් පිළිබද දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළා.

    ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග රුසියාව පුරා උද්ඝෝෂණ ආරම්භ විය.

    Latest News