ලැරී කිංග් කොවිඩ් රෝගයෙන් මිය යයි

ජන 23, 2021

    සුප්‍රකට අමෙරිකානු ජනමාධ්‍යවේදී ලැරී කිංග් කොවිඩ් 19 රෝගයට ගොදුරුවීමෙන් අද මිය ගියා.

    ඔහු ඒ වන විට 87 වැනි වියේ පසුවිය. ලැරී කිංග් කොවිඩ් 19 රෝගයට ගොදුරු වූයේ මේ මස මුල් භාගයේදී. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සීඩර්ස් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි‍යි. ලැරී කිංග්ගේ මාධ්‍ය ජීවිතය වසර 63ක් පුරා විහිදී තිබේ.

    එම කාලය තුළ ඔහු අමෙරිකානු ගුවන්විදුලි,රූපවාහිනී හා ඩිජිටල් මාධ්‍යයෙහි අතිශය ප්‍රබල භූමිකාවක් නිරූපණය කළා. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ලැරී කින්ග් ෂෝ නමැති සාකච්ජාමය වැඩසටහන තුළින්.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 19:43

    Latest News