කොරෝනා වෛරසය ලොව අවසන් වසංගතය නොවේ; WHO

දෙසැ 27, 2020

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වැළඳුණු රෝගීන් රටවල් රැසකින් හමුවී තිබේ.

    ඔවුන් බොහෝ දෙනා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අයයි. මේ හේතුවෙන්, බොහෝ රටවල් නව සංචරණ සීමා පැනවීමට ක්‍රියා කරමින් සිටී. ජපානයට විදේශිකයින් ඇතුලුවීම හෙට සිට මසක කාලයක් තහනම් කර තිබේ.

    මේ අතර කොරෝනා වෛරසය ලොව අවසන් වසංගතය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රස් ගේබ්‍රියේසස් පවසන්නේ, ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි දරුණු වසංගතවලට මුහුණදීමට ලොව සූදානම් විය යුතු බවයි.

    ලොව ප්‍රථම වරට "වසංගතවලට සූදානම් වීමේ දිනය" ලෙස අද නම් කිරීමෙන් අනතුරුව දේශනයක් කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. මේ අනුව, සෑම වසරකම දෙසැම්බර් 27 වැනි දින වසංගතයන්ට සූදානම් වී‌මේ දිනය ලෙස සැලකෙනු ඇත.

    Last modified on ඉරිදා, 27 දෙසැම්බර් 2020 19:53

    Latest News