චීනයේ වැඩිහිටියන්ගේ බර වැඩි වෙයි

දෙසැ 24, 2020

    චීනයේ වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් තරබාරු කමින් පෙළෙන බව වාර්තා වෙයි. අධික බර සහිත පුද්ගලයන් කොවිඩ්-19 වෛරසයට මාරාන්තික සංකූලතා පෙන්වන බවයි,එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    බෝ නොවන රෝග අතර භයානක තත්වයක් ලෙස සැලකෙන ස්ථූලතාවය හෙවත් අධික බර සහිත පුද්ගලයන් සිටීම චීන සමාජයට ගැටලුවක් වී තිබේ.

    2002 වර්ෂය වන විට චීන වැඩිහිටියන්ගෙන් 29%ක අධික බරින් යුක්ත වූ අතර, එය දැන් සැලකියයුතු ලෙස ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.

    අධික බරින් යුත් පුද්ගලයන් හෘද රෝග හා දියවැඩියාව වැනි රෝගවලට ද ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

    මෑත දශක කිහිපය තුළ චීනය,වේගවත් ආර්ථික වර්ධනයකට යොමුවීමත් සමග එරට ජනතාව ජීවන රටාවේ වෙනස්කම් ඇති කර ගැනිණ.

    එබැවින්, චීන රජය තරබාරුකම අඩු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් එළි දක්වා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 දෙසැම්බර් 2020 09:45

    Latest News