ලොව වැඩිම වටිනාකමක් දිනූ "ටෙස්ලා"

දෙසැ 23, 2020

    "ටෙස්ලා" මෝටර් රථ සමාගම විකිණීමට උත්සහ කළ අවස්ථාවේ "ඇපල්" සමාගම එය ප්‍රතික්ෂේප කළ බව "ටෙස්ලා" නිර්මාතෘ ඊලෝන් මස්ක් පවසයි.

    2017 වසරේ තම සමාගම ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව තිබූ අවස්ථාවක මෙම යෝජනාව ඉදිරිපත් කළ විට ඇපල් ප්‍රධාන විධායක නිලධාරියා සාකච්ජාවකට පවා පැමිණීම ප්‍රතික්ෂේප කළ බවයි,ඊලෝන් මස්ක් පවසන්නේ.

    එම අවස්ථාවේ "ටෙස්ලා" තුන්වැනි මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමට මුදල් නොමැතිව සිටි බව ඔහු පවසයි.

    එහෙත්, මේ වන විට "ටෙස්ලා" සමාගම ඉතා විශාල වශයෙන් සාර්ථක වී ඇති බවත් එවක තිබූ වත්කම මෙන් දස ගුණයකට වැඩි වත්කම් මේ වන විට සමාගම සතු බවත්, ඔහු පෙන්වා දෙයි.

    "ටෙස්ලා" සමාගම මේ සතියේ දී ලොව වඩාත්ම වටිනාකමකින් යුත් සමාගම් අතරට එක්විය.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:30

    Latest News