කොවිඩ් 19 ට එරෙහි ‍මොඩර්නා එන්නත බෙදා හැරීම ඇරඹෙයි

දෙසැ 21, 2020

    කොරෝනා වයිරසයට එරෙහිව ඇමෙරිකාව නිපද වූ දෙවන එන්නත වන මොඩර්නා එන්නත භාවිතය සඳහා බෙදා හැරීම අද ආරම්භ වුණා.

    අමෙරිකාවේ සියලු ප්‍රාන්තයන්හි මධ්‍යස්ථාන 3700 ක් සඳහා මොඩර්නා එන්නත ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කර අවසන් බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ. ගත වූ පැය 24ට වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවන්නේද ඇමෙරිකාවයි. ඇමෙරිකාවෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් එක්කෝට් අසූ තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර වයිරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හතර දහස ඉක්මවා තිබෙනවා.

    Latest News