මේ වසරේ ඉරාකයේ අයි.එස් සටන්කාමීන් 206 දෙනෙක් මරුට

දෙසැ 20, 2020

    තම ත්‍රස්ත විරෝධී බලකායන් ගේ ප්‍රහාරවලින් මෙම වසරේ දී අයි.එස් සටන්කාමීන් 206 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව ඉරාක ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමේ සේවාව පවසයි.

    සටන්කාමීහූ 292‍ දෙදෙනෙක් අත් අඩංගුවට පත්ව සිටිති.

    ඉරාක හා ජාත්‍යන්තර සන්ධාන ගුවන් යානා ප්‍රහාරක සහායෙන් මෙම වසර තුළ අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව මෙහෙයුම් 253ක් සිදු කර තිබේ.සයිබර් ආරක්ෂණ කණ්ඩායම් මගින් ත්‍රස්ත කණ්ඩායම්වලට අයත් අන්තර් ජාල සේවා ගිණුම් 26280 ක් අක්‍රීය කර ඇත.

    තම මෙහෙයුම් හී අරමුණ ඉරාක ජනතාවට ආරක්ෂක හා ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීම බව ඉරාක ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමේ සේවාව කියා සිටී.

    Latest News