කොරෝනා නව ප්‍රභේදයක් නිසා බ්‍රිතාන්‍යයේ සිට සංචාරය කිරීම තහනම්

දෙසැ 21, 2020

    එක්සත් රාජධානියේ සිට සිය රට වෙත සංචාරය තහනම් කිරීමට යුරෝපා රටවල් රැසක් තීරණය කර ඇත.

    මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් රාජධානිය තුළ සීග්‍රෙයන් පැතිර යන නව කොරෝනා ප්‍රභේදය සෙසු යුරෝපා රටවලට ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණෙනි.

    ඒ අනුව ජර්මනිය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් බ්‍රිතාන්‍ය වෙත ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

    එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට බෙල්ජියම දක්වා දුම්රිය ධාවනයද තහනම් කර ඇත.

    මේ අතර, නව ප්‍රභේදය ආසාධිත රෝගීන් නෙදර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින්ද වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කලේය.

    Latest News