"කෂෝගි"ඝාතනය සැඟවීම දරුණුතම කරුණක් - ට්‍රම්ප්ගෙන් චෝදනා

ඔක් 24, 2018
    වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමල් කෂෝගිගේ ඝාතනය සැඟවීමට ගත් උත්සාහය ඉතිහාසයේ දරුණුතම එකක් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
     
    සිද්ධිය මුල්කරගනිමින් සෞදි නිලධාරීන් පිරිසකගේ වීසා අවලංගු කිරීමට ද අමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.  
     
    59 හැවිරිදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඉකුත් දෙවැනිදා තුර්කියේ ස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරේ.
     
    ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය ප්‍රකාශ කළ අදහස් එකිනෙකට පරස්පරයි.  කෙසේ වෙතත්, සෞදි විදේශ අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ, මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක්ව ඇති බවයි.  
     
    සෞදි අරාබියේ ප්‍රධාන සහකරුවෙකු වන අමෙරිකාව ද සිද්ධිය මුල්කරගනිමින් දැඩි පීඩනයක් එල්ල වී ඇත්තේ, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමිනි.
     
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ඝාතනය කවුරුන් විසින් කළ ද ඔවුන් දැඩි ප්‍රශ්නයකට මුහුණදෙන බවයි.  
     
    මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ, මාධ්‍යවේදියාගේ ඝාතනයට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඩුවම් ලබා දෙන බවයි.  ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන 21 දෙනෙකුගේ වීසා අත්හිටුවීමට ද ක්‍රියා කෙරිණ.
     
    සබැදි පුවත්
     
    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 10:26

    Latest News