උතුරු අයර්ලන්තයත් අගුලු දමයි

දෙසැ 18, 2020

    ‘කොවිඩ් - 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව උතුරු අයර්ලන්තය නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය.

    බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට අවස්ථා කිහිපයකදී ලොක්ඩවුන් සීමා පැනවීය.

    එක් අවස්ථාවකදී උතුරු අයර්ලන්තය යුරෝපයේ නව කොරෝනා වයිරසය පැතර යන කේන්ද්‍රස්ථානයක් බවට ද පත්ව තිබිණි.

    අවසන් වරට පනවා තිබූ සීමා පසුගිය සතියේදී ලිහිල් කෙරුණු අතර සීමා ලිහිල් කිරීමත් සමඟ සියලු කඩසාප්පු, අවන්හල් සහ බීමහල් නැවත විවෘත කෙරුණි.

     

    Latest News