2021 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුව සිංගප්පූරුවේදී

දෙසැ 08, 2020

    2021 වාර්ෂික සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වෙන බව ලෝක ආර්ථික සාකච්ඡා සභාව ප්‍රකාශ කරයි.

    එම වාර්ෂික සමුළුව එළඹෙන මැයි 13වනි දා සිට 16වැනි දා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    මීට‍ පෙර ලෝක ආර්ථික සාකච්ඡා සභාව ප්‍රකාශ කළේ 2021 වාර්ෂික සමුළුව මැයි මස 18වන දා සිට 21වන දා දක්වා ස්විට්ස්ලන්තයේ Luzern හි පැවැත්වෙන බවයි.

    ලෝක ආර්ථික සාකච්ඡා සභාව වාර්ෂික ව ස්විට්ස්ලන්තයේ Davos හි සිය වාර්ෂික සමුළුව පවත්වයි.

    එහෙත් කොරොනා වසංගතයෙන් සමුළුවට එක් වන්නන් සහ සමුළුව පැවැත්වෙන ස්ථානයේ සේවකයන් ගේ ආරක්ෂා සලකා සමුළුව පැවැත්වෙන ස්ථානය මාරු කිරීමට සිදු වන බව ලෝක ආර්ථික සාකච්ඡා සභාව නිවේදනය කර ඇත.

    ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුව, ආණ්ඩු, ව්‍යවසායන් හා ජන සමාජ වෙනුවෙන් විවිධ රටවල නායකයන් පශ්චාත් වසංගත සමයේ ගෝලීය පුනරුත්ථාපනය තේමා කරගෙන පැවැත්වෙන ප්‍රථම මාර්ගගත නොවන සමුළුව වීම විශේෂත්වයකි.

     

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 11:21

    Latest News