ගෝලීය කොරෝනා මැඩලීමට ජී - 20 කණ්ඩායම පෙරමුණ ගෙන ඇතැයි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පවසයි

නොවැ 24, 2020

    ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ජී - 20 කණ්ඩායම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසයි.

    ජී - 20 කණ්ඩායමේ නායකයින්ගේ 15 වන සමුළුවේ දෙවන අදියරේ රැස්වීමේදී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් Antonio Guterres මහතා මේ බව ප්‍රකාශ කළේය.

    එකමුතුව සහයෝගිතා පැවැත්වීම, නව කොරොනා වසංගතය මර්දනය කිරීමේ ඵලදායකම ක්‍රමය බවත්, ජී - 20 කණ්ඩායමේ නායකත්වය වසංගතය වැඩි දුරට පැතිර යාම වැළැක්වීමට ඉතා වැදගත් බවත්, වීඩියෝ ආකාරයෙන් පැවති එම රැස්වීමේදී හෙතෙම පැවසීය.

    ජී - 20 කණ්ඩායමේ නායකයින්ගේ 15 වන සමුළුවේ පළමු දිනයේ, නව කොරොනා වසංගත එන්නත්, පර්යේෂණ හා ප්‍රතිකාර ක්‍රම පොදු ලෝක නිෂ්පාදිතයන් ලෙස ඒ ඒ පාර්ශ්වයන් විසින් පොදුවේ පිළිගැනීම පිළිබඳව Antonio Guterres මහතා ප්‍රසාදය පළ කර ඇත.

    Latest News