ආසියා - පැසිෆික් ආර්ථික වර්ධනයට නව පණක් සපයන එපෙක්

නොවැ 23, 2020

    එපෙක් නව දැක්ම ආසියා - පැසිෆික් ආර්ථික වර්ධනයට නව වේගයක් ගෙන එනු ඇතැයි, චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දෙයි.

    එපෙක් ආර්ථික ප්‍රධානීන්ගේ 27වැනි සමුළුව පසුගිය (20) පැවැත්විණ.

    1994 වසරේ, ඉන්දුනීසියාවේ Bogor හි පැවති එපෙක් නායක සමුළුවේදී, එවක එම සංවිධානයේ සභාපතිවරයා Bogor ඉලක්කය නියම කළේය.

    සංවර්ධිත සාමාජිකයන් 2010 වසරට පෙර මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයන් 2020 වසරට පෙර, වෙළඳ හා ආයෝජන ලිබරල්කරණය ඉටු කිරීම එම ඉලක්කයයි.

    මෙවර සමුළුවේදී Bogor ඉලක්කය ඉටු කර ඇතැයි ප්‍රකාශ කෙරුණු අතර, APEC 2040 Putrajaya දැක්ම ද සම්මත කෙරිණ.

    චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර ආයතනයේ උප ප්‍රධානී Yang Zhengwei මහතා පෙන්වා දුනනේ, ගෙවී ගිය වසර 26ක් තුළ, ආසියා - පැසිෆික් වෙළඳ හා ආයෝජනවල ලිබරල්කරණය සහ පහසුකරණය දීප්තිමත් ප්‍රතිඵල ලබා ගෙන ඇති බවයි.

    විවෘත, ගතික, ශක්තිමත් සහ සාමකාමී පොදු ආසියා - පැසිෆික් ඉරණමක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීමට එම නව දැක්මෙන් අවධානය යොමු කෙරේ.

    චීනය ඉහළ මට්ටමේ විවෘත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන්, සහයෝගික හා අන්‍යෝන්‍ය යහපත් නව තත්ත්වයක් බිහිවනු ඇත.

    එපෙක් නව දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා එය අනිවාර්යයෙන්ම ධනාත්මක දායකත්වයක් සපයනු ඇතැයි, Yang Zhengwei මහතා පැවසීය.

    බ්‍රිතාන්‍ය රජය පසුගිය (21) දා ප්‍රකාශ කළේ කැනඩාව සමග අඛණ්ඩ වෙළඳ ගිවිසුමකට එක්වන බවයි.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සංක්‍රාන්ති කාලය අවසන් වීමෙන් පසු දෙරටේ වෙළඳ සබඳතාව ස්ථීර ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් ලබන වසරේ සිට නව වෙළඳ ‍ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට දෙරට ‍අපේක්ෂා කරයි.

     

    Latest News