නව වෙළඳ ගිවිසුමකට බ්‍රිතාන්‍යය හා කැනඩාව සූදානම්

නොවැ 23, 2020

    බ්‍රිතාන්‍ය රජය පසුගිය (21)දා ප්‍රකාශ කළේ කැනඩාව සමග අඛණ්ඩ වෙළඳ ගිවිසුමකට එක්වන බවයි.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සංක්‍රාන්ති කාලය අවසන්වීමෙන් පසු දෙරටේ වෙළඳ සබඳතාව ස්ථීර ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් ලබන වසරේ සිට නව වෙළඳ ‍ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට දෙරට ‍අපේක්ෂා කරයි.

    වර්තමානයේ පවතින වෙළඳ සබඳතාව අඛණ්ඩව පවත්වා ගැනීම මගින් අන්තර් පැසිෆික් හවුල්කාරීත්වය සඳහා වන විස්තීර්ණ හා ප්‍රගතිශීලී ගිවිසුමට එක්වීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට තවත් අදියරක් ඉදිරියට යාමට අවස්ථාව හිමිවෙයි.

    බ්‍රිතාන්‍යය පසුගිය ජනවාරි මස 31 වැනි දින නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්විය.

    ඉන් පසු මාස 11ක සංක්‍රාන්ති කාලයකට බ්‍රිතාන්‍යය පිවිස තිබේ.

    මේ වසර අගදී එම සංක්‍රාන්ති කාලය අවසන් වනු ඇි.

    Latest News