අවදානම අඩු රටවල් කිහිපයකට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර

නොවැ 10, 2020

    ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ආසියානු රටවල් කිහිපයකට තම රටට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරනවා.

    චීනය හා තායිවානය ඇතුළු තවත් ආසියා කලාපයේ කොරෝනා අවදානම අඩු රටවල් කිහිපයකට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙනවා.

    පසුගිය මාසයේදී නවසීලන්ත ජාතිකයන්ට ඕස්ට්‍රේලියාවේ කැන්බරා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර හිමි වුණා.

    කෙසේ වුවද තවමත් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක දේශසීමා එරට ජනතාවටද වසා දමා තිබෙන්නේ වයිරස ව්‍යාප්තිය අවම කිරීම සඳහායි.

    ගත වූ පැය 24 ට එරටින් හමුවී ඇත්තේ ආසාදිතයින් දස දෙනෙකු පමණක් වන අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිඅට දහසකට ආසන්න වනවා.

    Latest News