ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට පාකිස්තානය ප්‍රතිඥා දේ

නොවැ 06, 2020

    ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන බවට පාකිස්තානය ප්‍රතිඥා දෙයි.

    මෑතකදී පාකිස්තානයේ වරින් වර ත්‍රස්ත ප්‍රහාර සිදුවිය.

    ආරක්ෂක හමුදා හෝ ආගමික ස්ථාන, ඉලක්ක බවට පත්ව ඇත.

    එරට රජයේ සහ හමුදාවේ නායකයන් මෑතකදී ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදීන්ට එරෙහිව අඛණ්ඩව හා දැඩිව සටන් කරන බවයි.

    පාකිස්තානයේ බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද ත්‍රස්ත මර්දන කටයුතු සක්‍රියව සිදුකරමින් සිටී.

    ත්‍රස්තවාදී ක්‍රියා වැඩිවීමේ තත්ත්වයට මුහුණදීම සඳහා, එරට ජාතික ත්‍රස්ත විරෝධී පරිපාලනය ඔක්තෝම්බර් මාසයේදී ත්‍රස්ත ප්‍රහාර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

    එමගින් දේශපාලන හා ආගමික රැස්වීම් පැවැත්වීමේ දී ආරක්ෂක පියවර ශක්තිමත් කරන ලෙසට ජනතාවට දැනුම් දී තිබේ.

    එසේම පාකිස්තාන ආරක්ෂක හමුදාව හා පොලීසිය ද ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලට සක්‍රීයව එක්ව සිටී.

    Latest News