එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා බහරේන් චීනයේ ඒන්නත මිළදී ගනී

නොවැ 06, 2020

    එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා බහරේන් යන රටවල් චීනය නිෂ්පාදනය කර ඇති නව කොරොනා එන්නත් ලබා ගනී.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ උප ජනාධිපති මෙන්ම අග්‍රාමාත්‍ය Mohammed bin Rashid Al Maktoum මහතා චීනය නිෂ්පාදනය කර ඇති නව කොරොනා එන්නත් ලබා ගත් බව Al - Jazeera සේවය වාර්තා කළේය.

    Mohammed bin Rashid Al Maktoum මහතා ලබා ගත් චීන Sinopharm සමූහය විසින් නිෂ්පාදිත එම එන්නත් සුරක්ෂිත හා ඵලදායික බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිල ප්‍රකාශයක් උපුටා දක්වමින් එරටේ මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු එම එන්නත් ලබා ගැනීමට පෙර එරට විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කැබිනට් කටයුතු අමාත්‍යවරයා ඇතුළු දස දෙනෙක් එම එන්නත් ලබා ගත්හ.

    එමෙන්ම එරටේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ද එම එන්නත් ලබා ගනු ඇත.

    ඊට අමතරව, පසුගිය 3 වැනි දින සිට නව කොරොනා වසංගතයට එරෙහි සටනේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය සේවකයන් සඳහා තුන්වන සායනික අත්හදා බැලීමේ අදියරේ පවතින චීන එන්නත් ලබාදීම බහරේන් රජය විසින් වහාම අනුමත කර තිබේ.

    Latest News