ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නැවතත් තර්ජන

ජන 11, 2019

    යෝජිත තාප්පයට මුදල් ලබා නොදුනහොත්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    මෙක්සිකෝ දේශසීමාව හරහා යෝජිත තාප්පය ඉදිකිරීමට මුදල් ලබා නොදුනහොත්, ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තර්ජනය කර සිටී.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ මෙක්සිකෝ අමෙරිකා දේශසීමාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ය. එහිදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට තමාට සියලු බලතල තිබෙන බවයි. තාප්පය ඉදිකිරීමට වැයවන මුදල මෙක්සිකෝව වක්‍රව ගෙවනු ඇති බවට ජනාධිපතිවරයා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා හා කොන්ග්‍රසය අතර තිබෙන මෙම ගැටළුව හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය කටයුතු මේ වන විට දින 20ක කාලයක් අර්ධ වශයෙන් අඩාල වී තිබේ.

    කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා හදිසි තත්වයක් ප්‍රකාශ කළහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සූදානමින් සිටින බවයි.

    Latest News