සැකසහිත පාර්සල් තානාපති කාර්යාලය කැළඹයි

ජන 10, 2019

    ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල ආශ්‍රිත සැකකටයුතු පාර්සල් කිහිපයක් හේතුවෙන් එරට පොලීසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹයි.

    ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හා කැන්බරා නුවර පිහිටි තානාපති කාර්යාල රැසකට සැකකටයුතු පාර්සල් යවා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එක්සත් රාජධානිය, ඉන්දියාව, ජපානය, කොරියාව, ජර්මනිය ඇතුළු තානාපති කාර්යාල ඊට අයත්වේ.

    එහෙත් මෙය සිදුකළ පුද්ගලයෙකු හෝ ආයතනයක් හඳුනා ගැනීමට මෙතෙක් හැකි වී නැත. තානාපති කාර්යාල තුළින් සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට ද නොහැකි විය. කෙසේ වුවද, මෙය හදිසි අවස්ථාවක් සේ සළකා සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව, ඔස්ට්‍රේලියානු පොලීසි පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 17:01

    Latest News