ඉන්දියාවේ රෝගීන්ට ඔක්සිජන් හිඟයක්

සැප් 15, 2020

    කොරෝනා අර්බුදයත් සමග ඉන්දියාවේ රෝගීන් සඳහා ඔක්සිජන් හිඟයක් හටගෙන ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    බොහෝ ප්‍රාන්තවල මෙම ඔක්සිජන් හිඟය ඇති බවයි, වාර්තා වන්නේ. කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමග ඉන්දියාවේ රෝහල් රැසක් මෙම රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ. කොරෝනා රෝගීන් අසාධ්‍ය වූ විට ශ්වසන අපහසුතා ඇති වන බැවින්,ඔවුන්ට ඔක්සිජන් සැපයීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

    කෙසේ වෙතත්, බොහෝ රෝහල්වල මේ වන විට පවතින ඔක්සිජන් හිඟය හේතුවෙන් ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන ඉන්දියාවේ මේ වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 50කට ආසන්න වී තිබේ. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, අසූ දහස් අටසියයක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 09:40

    Latest News