“ලෝරා“ සුළි කුණාටුවෙන් 14ක් මරුට

අගෝ 29, 2020

    “ලෝරා“ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

    ඉන් 10 දෙනෙකු ලුසියානා ප්‍රාන්තයෙන් හා හතර දෙනෙකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ. සුළි කුණාටුවෙන් අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත ප්‍රදේශවලට දැඩි බලපෑම් සිදු වූ අතර, ලූසියානා ප්‍රාන්තය හා ටෙක්සාස් ප්‍රාන්තය සඳහා ද සුළි කුණාටුව තදින්ම බලපා ඇති බව, එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    නිරිතදිග මෝසම් සුළි කුණාටු මෙම කාලයේ ඇති වුවද “ලෝරා“ සුළි කුණාටුව මාරාන්තික සුළි කුණාටුවක් වී තිබේ. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 150ක් වන අතර, ප්‍රබල සුළං හේතුවෙන් විශාල දේපළ හානියක් සිදුව තිබේ. අවතැන්වූවන්ට හා අලාභ ලැබූවන් සඳහා ලුසියානා ආණ්ඩුකාරවරයා විසින් ෆෙඩරල් රජයෙන් ක්‍ෂණික මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News