චීනයේ ගුවන් ගමන් යථා තත්ත්වයට

අගෝ 29, 2020

    ලබන මාසය (සැප්තැම්බර්) වනවිට චීනය තුළ ගුවන් ගමන් සියල්ල යථා තත්ත්වයට පත්වීමට නියමිත බව ගෝලීය සංචාරක දත්ත සම්පාදන ආයතනයක් වන ෆෝවඩ්කේස් ප්‍රකාශ කරයි.

    පසුගිය පෙබරවාරි මාසයේදී කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සිරවී සිටි විදේශිකයන් ආපසු රැගෙන යෑම සඳහා ගුවන්යානා ගොඩබැස්සවීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වනවිට චීනයේ ගුවන් තොටුපොළ ක්‍රමයෙන් කාර්ය බහුල වෙමින් පවතී.

    චීනය තුළ කොරෝනා ​රෝගීන් අඩුවීමත් සමග ගුවන් ගමන් වැඩි වැඩියෙන් ආරම්භ කර ඇති අතර, මේ වනවිට ආසන වෙන් කරවා ගැනීම් 98%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ​

    බොහෝ චීන ගුවන් සේවා මේ වනවිට චීනයට මගීන් ගෙන්වා ගැනීමේ වැඩසටහනක් ප්‍රවර්ධනය කරන අතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මෙම වැඩසටහන්වල මූලික ඉලක්ක වී ඇත.

     

    Latest News