සෝනියා ගාන්ධි නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක්

අගෝ 24, 2020

    ඉන්දීය කොංග්‍රස් පක්‍ෂ නායකත්වයෙන් සෝනියා ගාන්ධි ඉවත් වීමට සූදානම් වන බව එරට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    කොංග්‍රස් පක්‍ෂය තුළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරිපත් වූ ලියවිල්ලක් හේතුවෙනුයි මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇත්තේ.

    පක්‍ෂයට නව නායකයෙකු තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන ලෙස සෝනියා ගාන්ධි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට දන්වා තිබෙනවා.

    කෙසේ වුව ද නායකත්වයෙන් ඇයගේ ඉවත් වීම පිළිබඳ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් විරෝධය පළ පළා.

    පසුගිය මහ මැතිවරණයේදී තම පාලන බලය හිමිව තිබූ ප්‍රදේශවල පවා කොංග්‍රස් පක්‍ෂයට බලය අහිමි වීමත් සමඟ පක්‍ෂයේ නායකත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණා.

    ඉන්දියාවේ පැරණිතම දේශපාලන පක්‍ෂය ලෙස සැලකෙන කොංග්‍රස් පක්‍ෂය වෙත හිමිව තිබූ ජනතා ප්‍රසාදය ගිලිහෙමින් පවතින බවයි දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.

    Latest News