ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

අගෝ 24, 2020

    දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන තැනැත්තා මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    ෆ්‍රෙඩී බ්ලෝම් නමැති මෙම පුද්ගලයා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 116 ක් බවයි, වාර්තා වන්නේ.

    හැඳුනුම්පතේ ඔහුගේ උපන් දිනය 1904 වසරේ මැයි මස ලෙස දැක්වුණ ද ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් එය තහවුරු කර නැහැ.

    ඔහුට වයස අවුරුදු 14 ක් වනවිට පවුලේ සියලු දෙනාම වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව ෆ්‍රෙඩී බ්ලෝම් 2018 වසරේ බීබීසී පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

    ලෝක යුද්ධ 2 කින් හා වර්ගවාදී ගැටුම්වලින් තමාට ජීවිතය ගලවා ගැනීමට ලැබීම භාග්‍යයක් බවයි ඔහු පවසා ඇත්තේ.

     

    Last modified on සදුදා, 24 අගෝස්තු 2020 09:36

    Latest News