ග්‍රීන්ලන්තයේ අයිස් දියවීයාම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

අගෝ 21, 2020

    ග්‍රීන්ලන්තයේ අයිස් දියවීයාම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇතැයි, විද්‍යාඥයින් පවසයි.

    පසුගිය වසරේ පමණක් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීයාම 15%කට වඩා ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

    1948 වසරින් පසුව ග්‍රීන්ලන්තයෙන් වැඩිම අයිස් දියවීයාම පසුගිය වසරේ සිදුව තිබේ. වර්තමානයේ ලොවපුරා සිදුවන කාබන් විමෝචනය හේතුවෙන් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීයාම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් පවසයි.

    මේ හේතුවෙන් ලොවපුරා සාගර ජල මට්ටම ඉහළයාමේ දැඩි අවදානමක් ද හටගෙන තිබේ. මේ වනවිට ග්‍රීන්ලන්තයේ අයිස් දියවීයාම 90 දශකයට වඩා පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව තවත් වාර්තාවක් පෙන්වා දෙයි.

    කාලගුණ චන්ද්‍රිකා දත්ත සහ තවත් බොහෝ තොරතුරු පදනම් කරගෙන මෙම සමීක්‍ෂණ සිදුකර තිබේ. ලොව පුරා සිදු කරන අතිවිශාල වන විනාශය, සීමාවකින් තොර කාබන් විමෝචනයන් ඇතුළු තවත් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දිනම පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ. ඉන් සිදුවන විනාශය අතිමහත් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

    Latest News