ලොව කොරෝනා ආසාදිතයන් අද වනවිට දෙකෝටි 28 ලක්‍ෂය ඉක්මවයි

අගෝ 21, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 28 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව 7ත් ලක්‍ෂ 97,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව 57 ලක්‍ෂ 46,000 ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ එක් ලක්‍ෂ 77,000ක් ලෙසයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව 35න් ලක්‍ෂය ඉක්මවා ගියේය. එරට මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 12,000 ඉක්මවා තිබේ. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි.

    එරට ආසාදිතයන් සංඛ්‍යාව 29 ලක්‍ෂයකට අධිකයි. ඉන්දියාවේ මේ දක්වා කොරෝනා මරණ 50,000කට ආසන්න වේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් ගණන 3ක් වන අතර ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 28ක්. මරණ ලක්‍ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 9ක් වේ.

    මරණ දස දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 14යි. මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 46ක්. සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 11ක් වාර්තාවේ. නෞකා 2ක් ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක් කොරෝනා කිසිදු මරණයක් වාර්තා නොවූ රාජ්‍යයන් අතරට ඇතුළත්.

    Latest News