චීන - ඉන්දීය දේශසීමා ගැටළු ලිහිල් කිරීමට පියවර

ජූලි 07, 2020

    චීනය හා ඉන්දියාව දේශසීමා ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සක්‍රිය එකඟතාවකට එළඹෙයි.

    චීන - ඉන්දීය දේශසීමා ප්‍රශ්නයේ චීන පාර්ශ්වයේ නියෝජිත, චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික,චීන විදේශ ඇමති වං යී මහතා සහ ඉන්දීය නියෝජිත, ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක Ajit Kumar Doval මහතා අතර දුරකථන සාකච්ඡාවක් පසුගිය 5 වැනි දින පැවැත්විණ.

    සිය ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව අඛණ්ඩව සුරක්ෂිත කරන චීනය දේශසීමා ප්‍රදේශවල සාමය හා ස්ථාවරත්වය සහතික කරනු ඇතැයි වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය.

    චීනය සමඟ එක්ව දෙරටේ හුවමාරු හා සහයෝගීතා නිසි ආකාරයෙන් පැවැත්වීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇතැයි, චීනය අපේක්ෂා කරන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.

    මතභේද ව්‍යාප්තකරණ හා සංකීර්ණකරණ ක්‍රියාවන් වළක්වා දෙරටේ සබඳතාව සහතික කිරීම සඳහා ඉන්දියාව චීනය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව වං යී මහතා පැවසීය.

    එමෙන්ම,චීන - ඉන්දීය දේශසීමා ප්‍රදේශයේ වත්මන් තත්ත්වය ලිහිල් කිරීම පිළිබඳව ඔවුහු අවංකව අදහස් හුවමාරු කර ගත්හ.

    දෙරටේ නායකයන් දෙදෙනා අතර ඇති කර ගත් වැදගත් එකඟතාවන් අනුගමනය කරමින් දේශසීමා ප්‍රශ්නය ද්විපාර්ශවික සබඳතාව තුළ සුදුසු ස්ථානයකට තබා මතභේදයන්ගෙන් ගැටළු බවට පත්වීම වැළැක්විය යුතු බවට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

    එමෙන්ම, දේශසීමා ප්‍රශ්නය පිළිබඳව දෙරටේ රජයන් අතර ඇති කර ගත් ගිවිසුම් අනුගමනය කිරීම එහිදී යළි අවධාරණය කෙරිණ.

    දේශසීමා ප්‍රදේශයේ වත්මන් තත්ත්වය ලිහිල් කිරීමට දෙරට පොදුවේ උත්සාහ දරනු ඇතැයි එහිදී ප්‍රකාශ කෙරිණ.

    Latest News