ලෝක සංචාරක කර්මාන්තයට විශාල අලාභයක්

ජූලි 02, 2020

    ගෝලීය සංචාරක කර්මාන්තයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක අලාභයක් සිදු ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව ඊයේ (01) වාර්තාවක් නිකුත් කරමින් පැවසීය.

    මේ වනවිට කොරොනා වසංගතය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තය මාස 4ක් පමණ අඩපණ වී තිබේ.

    එයින් ඇති වූ අලාභය අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2කි.

    එම අලාභය ලොව ‍දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක්.

    එවන් තත්ත්වයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට බරපතල බලපෑමක් සිදුකර ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

    කොරොනා වසංගතය සංවර්ධිත රටවල සංචාරක වෙළඳපළ විශාල වශයෙන් සංකෝචනයට ද හේතු වී ඇත.

    සංකෝචනය වන සංචාරක වෙළඳපොල ආහාරපාන කර්මාන්තය සහ විනෝදාස්වාද කර්මාන්තය වැනි කර්මාන්ත කෙරෙහි ද බලපෑමක් එල්ල කරන අතර අදාළ කර්මාන්තවල නියැලෙන්නන්ගේ ආදායම් අඩුවී තිබේ.

    ඔවුන්ගෙන් ඇතැම් අයට රැකියා අහිමි වී ඇත.

    සමාජ ආරක්ෂණය ශක්තිමත් කරමින් සංචාරක කර්මාන්තය මත යැපෙන පුද්ගලයන් බරපතල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීම වළක්වන ලෙස එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව විවිධ රටවලින් ඉල්ලීමක් කර තිබේ.

    Latest News