බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා එන්නතක්

ජූනි 25, 2020

    කොරෝනා වෛරසය සඳහා නව එන්නතක් බ්‍රිතාන්‍යයන් විසින් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ලන්ඩනයේ ඉම්පීරියල් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් අදාළ එන්නත නිපදවා ඇත.

    ලොව පුරා අදාළ එන්නත අත්හදා බැලීමේ පරීක්ෂණ වැඩසටහන් 120 ක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ සඳහා පුද්ගලයින් රැසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති බවත් ඉදිරි සති කිහිපයේදී තවත් 300 දෙනෙකුට පමණ නව එන්නත අත්හදා බැලීමට නියමිත බවත් වාර්තා වේ.

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ද මේ ආකාරයේ නව එන්නතක් අත්හදා බැලීමට සූදානම් වන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

    Latest News