ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව - WHO - UN යන සංවිධාන කොරෝනා සටනට එක්වෙයි

ජූනි 25, 2020

    අත්වැල් බැඳ කෝ වසංගතය පොදුවේ පරාජයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධව හවුල්කාරී සහයෝීතා සැළැස්මක් ඉදිරිපත් කරයි.

    ලොව පුරා සියලු දෙනාට නිරෝගී බව භුක්ති විඳීමේ අවස්ථාව සැළසීම සඳහා ක්‍රියා කිරීමට විවිධ රටවල ජනතාව හා ප්‍රජාවන් දිරිමත් කිරීම ඔලිම්පික් දිනය නිමිත්තෙන් එම ජාත්‍යන්තර සංවිධාන 3 ඉදිරිපත් කළ සැළැස්මේ ප්‍රධාන අරමුණ විය.

    ඉදිරි සති කිහිපය තුළ වැදගත් පොදු සෞඛ්‍ය තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමට සහාය දෙමින් කොරොනා වසංගතය තවදුරටත් පැතිර යාම වැළැක්වීමේ පියවර අඛණ්ඩව යොදා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනතාව දිරිමත් කරනු ඇි.

    එම සැළැස්මට එක් වන හවුල්කරුවන්, ක්‍රීඩකයන් සමග එක්ව, පොදු නිරෝගී බව යන්න තේමා කර ගනිමින් නව කොරොනා වෛරස පැතිරීම වැළැක්වීම සඳහා සාමූහිකව උත්සාහ දැරීම හා ගෝලීය සහයෝගිතා පැවැත්වීම කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට ද අපේක්ෂිතයි.

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා පවසන්නේ, කොරොනා වසංගතය ලෝකයට අස්ථිරභාවය බිය හා අභියෝග ගෙන දී ඇති බවයි.

    අන්තර්ජාතික ආයතනවල සහයෝගිතාව මුළු ලෝකයේ ම අපේක්ෂාවයි.

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධනය අතර ගොඩනැගෙන සහයෝගිතාවය මගින්, වසංගත පාලනය නව මට්ටමකට පිවිසෙනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

    Latest News