බෙයිජිං නගරයේ කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට දැඩි පියවර

ජූනි 15, 2020

    බෙයිජිං නගරයේ කොවිඩ් වසංගතය සමූහ වශයෙන් පැතිරයාම වැළැක්වීමට දැඩි පියවර ගත යුතු බව චීන උප අගමැතිනී සුන් චුන්ලන් මහත්මිය පවසයි.

    කොවිඩ් 19 වැළැක්වීම් හා පාලන යාන්ත්‍රණය පිළිබද චීන රාජ්‍ය මණ්ඩල රැස්වීමකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය.

    නව සමූහ ආසාදිත සිද්ධීන් ‍‍‍‍බෙයිජිං නුවර ෂින්‍ෆාඩි තොග වෙළඳපල හා සම්බන්ධ සිද්ධීන්ය.

    වෛරසය පැතිරයාමේ අධි අවදානමක් ඇති බැවින් ඊට දැඩි ප්‍රතිචාර ක්‍රියාමාර්ග ගත යුතු බව චීන උප අගමැතිනිය පැවසුවාය.

    දැඩි වසංගත අධ්‍යයන පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුය.

    එම තොග වෙළඳපොල අවට සහ වසංගත මූලාශ්‍ර හදුනා ගැනීමට ක්‍රියා කරන ලෙසට‍ද ඇය උප‍දෙස් දී ඇත.

    බෙයිජිං නුවර සියළු ප්‍රධාන ප්‍රදේශවල හා ප්‍රධාන ජන කණ්ඩායම් වල නියුලෙයික් පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාවන් වර්ධනය කළ යුතුය.

    වසංගත ආරක්ෂණ හා පාලන ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට ද චීන උප අගමැතිනිය ජන ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News