ආසාදිතයින් අතින් බ්‍රසීලය 2වැනි තැනට

ජූනි 02, 2020

    ලොව දෙවනුව කොරෝනා රෝගීන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පන් ලක්ෂ විසි නව දහස ඉක්මවයි.

    මරණ සංඛ්‍යාව තිස් දහසකට අධිකයි. ඊයේ ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ද බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 732ක්. ආසාදිතයින් වැඩිම රටවල් අතුරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි. එය හාරලක්ෂ පහළොස් දහසකට ආසන්න වෙයි.

    එහෙත්, රුසියාවෙන් වාර්තා වන්නේ සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාවක්. රුසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 4855ක්. මරණ සංඛ්‍යාව අතින් රුසියාව මේ වන විට පසුවන්නේ 14 වැනි ස්ථානයේ. මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වැඩි රටවල් සංඛ්‍යාව 13ක් ලෙසයි වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:08

    Latest News