ආසාදිතයින් දස දහස ඉක්මවූ රටවල් 54ක්

ජූනි 02, 2020

    ආසාදිත සංඛ්‍යාව දස දහස ඉක්මවූ රටවල් ගණන 54ක්. කොරෝනා මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 28ක් වෙයි.

    මේ වන විට කොරෝනා රෝගීන් සුවය ලබා සිටින රටවල් සංඛ්‍යාව 21ක්. එම රටවලින් මේ වන විට ප්‍රතිකාර ලබන කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වන්නේ, නැහැ. රටවල් 15කින් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.

    නෞකා දෙකක් අතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ඉන් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:15

    Latest News