දකුණු කොරියාවේ කොරෝනා යළි ඉස්මතු වීමක්

මැයි 29, 2020

    දකුණු කොරියාවේ කොරෝනා තර්ජනයක් යළි ඉස්මතු වී තිබේ.

    ඒ සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් මඟහැරී සමාගමක ක්‍රියා කලාපය මුල්කර ගනිමින්. දකුණු කොරියාව කොවිඩ්-19 රෝගය මනා ලෙස පාලනය කළ රටක් වශයෙන් වාර්තා වී තිබිණ.

    මේ හේතුවෙන් ඉකුත් සතියේ එරට පාසල් යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. එහෙත් සෝල් අගනුවර අන්තර්ජාල වෙළෙඳ සමාගමක් මුල්කර ගනිමින් නව කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ. ගත වූ පැය 24 තුළ නව රෝගීන් 56ක් වාර්තා විය. ඊට පෙර දින හමුවූ රෝගීන් සංඛ්‍යාව 79ක්. සමාගමේ සේවකයන්ගේ පාවහන් හා ඇඳුම්වල කොරෝනා වෛරස් තිබී හමුවූ බව සෞඛ්‍ය පරීක්‍ෂක කණ්ඩායම් ප්‍රකාශ කරයි. මේ අනුව බූචොන් ප්‍රදේශයේ පාසල් 251ක් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි වසා දැමිණ. අර්බුදයට ලක්වූ සමාගමේ අර්ධ කාලීනව සේවය කළ පාසල් සිසුවෙකු ද කොරෝනා ආසාදිතයෙකු වීම ඊට හේතුවයි.

    Latest News